Tuesday, November 22, 2011

පෙනුම

මේක ටිකක් හිතන්න ඕන ප්‍රශ්නයක්....මේක ඉස්සරත් මේ විදිහටම තියෙන්න ඇති.හැබැයි ඉස්සර අද කාලේ වගේ හැමෝම උගත්තු නොවුන හන්දමයි, මළ පොතේ අකුරක්වත් බැරි අය පදුරකට ගැහුවොත් හැටක් හැත්තෑවක් ඒ කාලෙ එළියට විසිවුණේ.ඒ නිසාම ඒ guess කිරිල්ලත් හරි යන්න ඇති. ඒ,ටිකක් මෝඩ පහේ කෙනෙක් තමන්ගෙ විදිහට,බයාදු තාලෙට ඇද පැලදගෙන ඉද්දියි, හොද දැන උගත් කෙනක් වැදගත් විදිහට ඇද පැලදගෙන ඉද්දියි, ඒවා දිහා බලලා මේ මනුස්සය මෝඩ පහේ කෙනෙක්, මේ මනුස්සය දැන උගත් කෙනෙක්  කියලා ගත්ත තීරණේ 90% ක් විතරම හරියන්නත් ඇති. ඒ-ඒ කාලෙ තිබ්බ සමාජ පරිසරය...........
                                          හැබැයි......අද වෙනස්, අද කාලෙ ඉන්න රස්තියාදු කාරයො, පික් පොකට් කාරයො හොද වැදගත් විදිහට ඇද පැලදගෙන ඉන්නෙ හරියට ලොකු company වල අයිතිකාරයො වගේ.....හොර වැඩ කරන මිනිස්සුත් ඒ වගේ, හොද වැදගත් විදිහට ඇදගෙන,brief case 1 කුත් අරන් ගෙදරට ඇවිල්ලා,එහෙමත් නැත්නම්  paper ad 1ක් දාලා කියනවා මම මෙහෙමෙයි,අපි මෙහෙමයි  කියලා. එතකොට අපේ රටේ ඉන්න බහුතරයක් දෙනා ඒක ඉස් මුදුනෙන් පිළිගන්නවා... ලස්සනට සරසලා, wrap කරලා  කියෙන ගැට වලට අහුවෙනවා අනන්තවත්... කොච්චර දැනගෙන හිටියත් ඒ වෙලාවට ඕවා ගැට වගේ පේන් නෑ. ඒ පෙනුමට. තනිකරම පෙනුමට රැවටිලා....
                                         තව මෙහෙම කොටසකුත් අපේ සමොජෙ ඉන්නවා. හොදට ඉගෙන ගත්ත,ඇත්තටම ලොකු  company වල  chairman ලා.සමහරවිට යන්නෙ එන්නෙ බස් එකේ,කිසිම ලොකු කමක් නෑ. free වෙලාවට විටක් කාගෙන, සරමක් ඇදගෙන පාර තොටේ යන, හරිම සරල විදිහට ඉන්න මිනිස්සු. එහෙම  කෙනෙක්  පාරේ ගියොත් මූණ  අකුලල , මහ ජරාවක් ඒ කෙනාගෙ ඇගේ ගෑවිලා  තියෙනවා වගේ බලන අය  කොච්චර ඉන්නවද? එහෙම ‍වෙන්නෙත් පෙනුමට රැවටිලා....
                                         ඒ වගේම මෙහෙම දේකුත් තියෙනවා... හරිම මිත්‍රශීලී, යාළු මිත්‍ර‍යො අතරේ ජනප්‍රිය ,අනුන්ට උදව් කරන, හරිම හොද කෙනෙක්, කවුරුවත්ම අදුරන්නෙ නැති තැනකට අළුතෙන්ම ගිහින් වැඩක් පටන් ගන්න ගත්තම  ඒ කෙනාට ගියපු ගමන් එයාගෙ හිත හොද කම, මිත්‍රශීලී කම එකපාරටම පෙන්නන්න ටිකක් අමාරු වෙයි නේද? ඊටත් වඩා  කිසිම මිත්‍රශීලී කමක් නැති අයත් එක්ක  ගනුදෙනු කරන්න උනොත් ඒක ඊටත් වඩා  අමාරු වෙයි නේද? ඒත් එයා ඉන්න විදිහෙන්  එයා ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන එයා දිහා වපර ඇහෙන් බලලා ගහෙන් ගෙඩි එනවා වගේ විනිශ්චයන් කරද්දි  ටිකක් වත්,එක තත්පරේකටවත් හිතුවද මේ පුද්ගලයා මෙහෙම කෙනෙක්ද, අභ්‍යන්තරය මොන වගේද කියලා? එකපාරටම පළතුරු  ටිකක්  blend  වෙනවා වගේ ලේසියෙන් මුහු වෙන්න තියෙන අමාරුවද කියලා? නෑ නේද?  පුරුදු, අදුරන  set 1 වගේ නැති උණාම  ඒ කෙනාව සමච්චල් කරලා, පාච්චල් කරලා දාන එක හරිද? මෙහෙම වෙන්නෙත් පෙනුමට රැවටුනාම.සමහරවිට මෙහෙම අත්දැකීම් ඔයාලටත් ඇති.
                                        ටිකකට හිතලා බලන්න පෙනුමට රැවටීම කොච්චර සාධාරණද කියලා......... දාගෙන ඉන්න පාකණ්ණාඩිය ටිකකට ගලවලා බැලුවොත් ඇත්ත ඇති සැටියෙන් පෙනේවි..........
                                         
                                     

3 comments:

  1. කතාව නම් සම්පූර්ණ ඇත්ත..ඒත් පාට කණ්ණාඩි දාගෙන ඉන්න අයට මේවා කොහොම තේරෙයිද දන්නෑ.....

    ReplyDelete
  2. ඒ අැත්ත ෙත්රැම් ගන්න පමා වුෙනාත්???????
    ඉදින් ඒ සත්‍ය ඉක්මණින් වැටහේවා!!!

    ReplyDelete
  3. පරක්කු උෙණාත් හැමදාටම worry ෙවන්න ෙවන ෙදයක් උණාට පස්ෙස ෙත්රුම් ගනී

    ReplyDelete