Wednesday, November 2, 2011

හීන........

 මිනිස්සු හීන දකිනවද?
 මිනිස්සු හීන මවනවද?
ප්‍රශ්න 2ක්.හැබැයි.....උත්තරේ එකයි.
පේන හීන ගැනනම් ඒ තරමි ප්‍රශ්නයක් නෑනේ. මේවා පේන්නෙ නිදා ගත්තම.එතකොට ඒක සිද්ධ වෙන්නෙ අපි නොදැනුවත්වම. හොද  නින්දක් නිදා ගත්තම වෙලාවකට  ලෝකෙ නැති  විකාර  හීන  පේනවා. සමහර ඒවා හරිම සුන්දරයි. සමහර ඒවා films වගේ, action, adventures, romantic.ඔය විදිහට එකී මෙකී නොකී සෑහෙන දේවල් වස්තු බීජය කරන් හීන පේනවා. ඒ වගේම හීන පේන්නෑ කියන කට්ට්යකුත් ඉන්නවා. ඒ මොනවා උනත් මම හිතන විදිහට හීන පේන එකෙත් සුන්දරත්වයක් තියෙනවා. අපේ මනස අපි නිදාගත්තම එයත් ටිකක් rest එකක් ගන් නැතුව, ඒ  වෙලාවෙත් අපිට, අපි ආස කරන දේවල්, අපි ගොඩක් හිතපු දේවල් ආපහු පෙන්නලා  අපිව සතුටු කරනවා.ඒ ඉතිං ඒ වෙලාවට.......
                                         හැබැයි ඇහැරුණාම අපි දකින හීන මතක තියනවා අඩුයි නේද? සමහර ඒවා මතක තියනවා, තවත් සමහර ඒවා මොනතරම් දත් පූට්ටු   කරන් මතක් කරත් මතක් වෙන්නෑ.ඒ ස්වභාවය. මතක තියෙන හීන අහලා අනාවැකි කියන අයත් ඉන්නවා, ඒවගෙ සත්‍ය අසත්‍ය තාවය මම දන්නෑ.හැබැයි, ඒ දකින දේවල් වලට තමන්ගෙ හිත මූලික වෙනවා කියන එකයි මගේ විශ්වාසය. සමහර හීන දැක්කට පස්සේ හොද  හෝ නරක දේවල්  උනා කියන  අයත් ඉන්නවා. මම නම් හීන විශ්වාස කරන් නෑ.හැබැයි........ හීන අපිට  යම් තරමක  බලාපොරොත්තුවක් ඇති කරනවා කියලා මම විශ්වාස කරනවා. ඒ හොද  දේවල් ගැන. නරක දේවල් ගැන නෙමේ.
                                        ඊළගට මිනිස්සු මවන හීන......... හැමෝටම එහෙම හීන තියෙනවා. මේවා තමා වැදගත්. වෙන විදිහකට කිව්වොත් මෙවා මිනිස්සු තුල තියෙන බලාපොරොත්තු සහ අධිෂ්ඨානයන්. හීන මැවිවට වැඩක් නෑ ඒවා ඉෂ්ට වෙන් නෑ කියලා බහුතරයක් දෙනා කියනවනෙ, ඒ හීන මවන එක බොරු වැඩක් කියලා   හිතන  අය. හීන මවන එක හොද  දෙයක්, හැබැයි ඒ ඇත්ත කරගන්න පුළුවන් හීන විතරයි. ඒ තමන්ට තියෙන දේවල් වලින් දියුණු වෙන හැටි ගැන අපේ හිතේ තියෙන හීන නරක දේවල් කියලා කියන්ඩ කාටවත් බෑ නේද? මේ හීන වලටත් ඡීවයක් තියෙනවා. යහපත් විදිහට මවන හීනයක් තියෙන කෙනාට  ඒ වෙනුවෙන් ඡීවත් වෙන්ඩ පුළුවන්. ඒ අපි මවන හීනෙ ඇතුලෙ තියෙන ඡීවය අපිව ධෛර්යමත් කරනවා.අළුත් පණක් ලබා දෙනවා. කවුරු මොනවා කිව්වත් මම නම් කියන්නෙ හීන මවන්ඩ, හැබැයි හොද හීන. තමන්ට වැඩක් වෙන විදිහෙ හීන. ඇත්ත වෙන්ඩ තියෙන possibility 1 වැඩි හීන. ඒවා දවසක ඇත්ත වෙයි......... ඒ හීනෙත් එක්ක ඡීවත් වෙන්ඩ. ඒ කිව්වෙ පැත්තකට වෙලා උඩ බලාගෙන  හීන මවන්ඩ කියන එක නෙමේ, ඒ හීනෙ එකින් එක ඇත්ත කරගන්ඩ වැඩ කරන්ඩ. එහෙම කරගත්තු ගොඩක්  අය අපි අතරෙත් ඉන්නවා. ඒ දේවල් ලබා ගත්තම ඒ තමන් ඡීවත් කරපු, තමන්ව ඡීවත් කරවපු හීනෙට ගොඩක්අය ආදරේ කරයි....... මම, ඹයා,අපි හැමෝම.............

3 comments:

  1. හීන ගැන ලස්සන හීනයක් දැකලා තියෙනවා වචන වලින්.. මේ ලිපිය කියවාගෙන යද්දී මට මතක් වුනේ මැතකදී බලපු චිත්‍රපටියක්.. ඒ තමයි Inception.. හීන ගැනම තමයි ඒ කතාවෙත් කියන්නේ..

    බ්ලොග් කලාවට හොඳ ආරම්භයක් නංගී.. දිගටම ලියන්න.. ජය !

    ReplyDelete
  2. මමත් හින මවන,දකින කෙනෙක් හැටියට ඔයා මගේ හිනෙටත් අර්ථයක් හොයන්න උදව් කලා.THANKS DEAR

    ReplyDelete
    Replies
    1. අැත්තටම හීන කියන එක මහ පුදුම ෙදයක් ෙන්ද?

      Delete