Tuesday, November 8, 2011

මොණරා

මොණරා........මම දකින විදිහට අපේ රටේ ඉන්න කලාත්මකම, සුන්දරම වර්ණ සංයෝජනයක් තියෙන කුරුල්ලෙක්. කුරුල්ලෙක් උණාට වැඩි දුර පියාඹන්න බැරි එක ඇත්ත.ඒ උණාට ආඩම්බරකමට, උජාරුවට අඩි තිය තිය යන මොණරෙක් ළගට දැක්කොත් ඒ ලස්සනට වශී වෙන  කී දෙනෙක් ඉන්නවද? පියාඹන්න බැරි එක ඒ වෙලාවට අපිට මතක් වෙන්නෙවත් නෑනේ?
                                අපේ සමාජෙත් ඉන්නවා මෙහෙම  කට්ටිය, හරියට මොණරු වගේ...... ළගින් යන්ඩම ඕන් නෑ හැතැක්ම දෙක තුනක් ඈතින් ගියත් ඒ උජාරුව, තේජස අහල පහල ඉන්න අයට හොදට දැනෙනවා. ගොඩක් වෙලාවට මේ   category 1ට දාන්න පුළුවන් අපේ රටේ ඉන්න  ප්‍රභූ පැළැන්තිය කියලා කියාගන්න උදවිය, යන්නෙ එන්නෙ සුපිරි වාහන වල, බිමට බැහැලා අඩි දෙක තුනක් යන්න උණොත් ඒ ටිකත් දෝලාවක් ගෙන්න ගෙන යයි.ඔවුනුත්  මොණරු වගේමයි කියලා මම මීට කලින් කිව්වෙ හේතු 2ක් හන්දා....
                               එකක් තමා  මොණරට වගේම  අඩු නැතුව තියෙන ලස්සන හන්දා......... මොණරට ඒක උපතින්ම පිහිටලා තියෙන සම්පතක්. ඒත් මේ කියන  අයට අර අහිංසක සතාගෙ තියෙනවා වගේ real ලස්සනක් නෑ. make up කරලා වැඩ දාලා ගත්ත ලස්සනක් තියෙන්නෙ. බවලත්තු වගේම තමා අනිත් පාර්ශවෙත්. ටිකක් දාඩිය දාන තැනක හිටියොත් ඉවරයි. make up  දියවෙලා වැක්කෙරෙන්න ගන්නවා.... ඒක වෙන්නැති වැඩිපුර එළියෙ පහළියෙ ඉන් නැත්තෙ..........
                             අනිත් කාරණේ තමා මොණරා නටද්දි පේන  නිරුවත........... මොණරා නටද්දි  මොන තරම් ලස්සනද කියලා දන්නව ඇතිනෙ? live  දැකලා තියෙනවනම් තවත් හොදට ලස්සන පෙනිලා ඇතිනෙ, ඒක විදින්න පුළුවන් ඇති තරම් වෙලා. නටනකොට මොණරට තියෙන්නෙ පුදුම ආඩම්බරයක් කියලා අපේ ජන  වහරෙ ඕන තරම් කියවෙනවනෙ. ඒත් ඒ සතා දන්නවද දන් නෑ ,වැරදිලවත් dance 1 climax 1ට ගිහින් audience 1 පැත්තට පිටිපස්ස හැරවුණොත්  පේන්නෙ වෙන වෙලාවට වහගෙන ඉන්න නිරුවත කියලා..........ඒ වගේම තමා මිනිස් සමාජයෙ ඉන්න මොණරුත්, ඒ කිව්වෙ වෙන්ට මොණරු ගැන..... මොන තරම් respect 1 ට හිටියත් හිටපු ගමන් මොණරා  climax 1 ට ගියාම වෙන දේ  වෙන  අය ඕන තරම් ඉන්නවා. මේක ගන්න තියෙන  easy ම example 1ක්,  club  ගානෙ ගිහින්  fun  අරගෙන ඉදලා කරටි නැමෙන  size 1 ට ආවම  ලොක්කා සොක්කා  උණා  කියලා තේරෙන් නැති තරමට මිනිස් මොණරා දෙකේ කොළේට  වැටෙනවා. ඔන්න ඊළග දවසේ පත්තර වල  යනවා කලින් දවසේ  කරපු ඒවගෙ විස්තර ලුණු ඇඹුල් ඇතුව, අහවලාට මෙහෙම උණා, මෙහෙම වැඩක් කරන්න යද්දි මාට්ටු උණා කියලා. එතකොට විලි ලැජ්ජාවෙන් බේරෙන්න  ඊලග  දවසෙ  full try 1 දාලා පත්තර කන්තෝරුවට  seal තියන්න වැඩක්  set කරනවා..... මෙහෙමයි අද ඉන්න මොණරුන්ගෙ තත්වය..........
                                  මේ මම කියන්න  try කළේ පොඩිම පොඩි කාරණාවක්, පොඩිම පොඩි උදාහරණයකින්.කියවලා බලලා හරි වැරැද්ද තීරණේ කිරීම ඔබට භාරයි............

2 comments:

  1. ‍ගොඩක් හොදට ඇත්ත දැකල... ඒත් සෙබඩ රගන් නැති එක ගැන හිතල බලන්න ඕනෙ..

    ReplyDelete
  2. ekane kiyanne anith hema sathatama wada minisata mole wedi kiyala
    eth ada samaje minissu karanne ara molenethi saththunge weda
    manara pilwidagena netuwata danne ne e uge internal body eka penawa kiyala
    eth minissu ekadena denath karanna yanne ara monara karapu wedemathama
    mama hithana widiyata meka maru eeeeee

    ReplyDelete