Thursday, March 22, 2012

නළුකම....

වෙලාවකට මෙහෙමත් හිතෙනවා. Tv එකේ මූණ පෙන්නන නළු නිළියො උඡාරුවට,වැදගත් පාටට සමාඡෙ හිටියට, ඒ වැදගත්කම ගන්න අපි කවදාවත් පාරවල් වල හිගාකාලා,හොරකම් කරලා,වැඩකාරකම් කරලා,Toilets හෝදලා නෑනේ කියලා....

Friday, March 9, 2012

හෙට...

වසා ගත්
තිමිර පට
ඉරා ලොව
බැලූයෙමි
දකිනු වස්
නොදුටු
හෙට ලොව...

Thursday, March 8, 2012

නිහැඩියාව...

මේක ගොඩක් දෙනෙක් විවිධ විදිහට අර්ථ දක්වන දෙයක්.ඒ වගේම ගැඹුරු අර්ථයක් ගැබ් වුණු වචනයක්.මම හිතන විදිහට නිහඩතාවය වෙලාවකට මිල කරන්න බැරි තරමේ ආශිර්වාදයක්.හිතට දුකක් දැනුනම, හිත කරදරෙන් ඉන්න වෙලාවට ගොඩක් දෙනෙක් තනියම ඉන්න කැමති කියලා කියන්නෙ ඒ නිහඩතාවය විදින ගමන් තමන්ගෙ හිත නිදහස් කරගන්න. ඒ වගේ වෙලාවට මේ නිහඩතාවය තමන්ගෙ හොදම යාළුවෙක් වගේ වෙනවා.
මම කැමතියි නිහඩතාවයට..ගොඩක්,මගේ සිතුවිලි නිදහසේ ගලා ගෙන යනවා.ඒ වගේම මේක දරා ගන්න බැරි තරමට මට දැනිලා තියෙනවා.ගොඩක් දේවල් හිතන්න, ඡීවිතේ දිහා ආපහු හැරිලා බලන්න,මතකයේ තියෙන සුන්දර දේවල් ආපහු ආවර්ඡනය කරන්න,මමයි නිහඩතාවයයි එකට එකතු උණාම මට පුළුවන්.මේ වගේ සිතුවිලිත් එක්ක ඡීවත් වෙන්න ගොඩක් වෙලාවට අපට ලැබෙන්නෙ බොහොම සුළු කාලයක් වෙන්න පුළුවන්,ඒත් පුදුමාකාර සුන්දරත්වයක් ඒ මොහොත ඇතුලතදි විදගන්න ලැබෙනවා.ඉඩක් ලැබුන වෙලාවක රෑ අහස දිහා ටික වෙලාවක් බලන් ඉදලා ඒ නිහැඩියාවට කන් දෙන්න උත්සාහ කරන්න. ඒ දැනෙන දේවල් අපේ සිතුවිලිත් එක්ක බද්ධ උණාම ගොඩක් අර්ථවත් දේවල්,සුන්දර දේවල් පරිකල්පනය කරන්න හැකියාව ලැබෙනවා.අනාගතයේ දවසක ඒ අර්ථවත් දේවල් යථාර්තයක් කරගන්නත් බොහෝ විට ඉඩ ලැබේවි.රාත්‍රිය ආශිර්වාදයක් නිහඩතාවයට ආදරය කරන කෙනෙක්ට, එයාගෙ ඡීවිතේ ක්‍රියාකාරී කාලය ගොඩක් වෙලාවට ආරම්භ වෙන්නෙ මේ රාත්‍රියේ තියෙන ගැඹුරු නිහඩතාවයේ අරුමැසිය විදින ගමන්.කැඩපතකින් තමන්ව දකිනවා වගේ නිහඩතාවය තුලින් තමන්ව දකින්න උත්සාහ කරන්න එක මොහොතකට,ඊට පස්සෙ තවත් තත්පරයක් අරගෙන හිතන්න,මේ ගැඹුරු නිහැඩියාව විදින ගමන් තමන්ගෙ ඡීවිතේ අර්ථවත් වෙනසක් ඇති කරන්න මේ මොහොතට පුළුවන් වෙයිද කියලා...තමන්ගෙ සිතුවිලි වදන් වලට හරවන්න අකමැති කෙනෙක් සමහරවිට ඒකත් කරාවි....

සිතිඡ ඉම...

දිනන්නට නොව
බලා සැනහෙන්නට.....

Life...

Trying to rising
but still falling
don't worry...
it will make you
as a experienced one
and one day
you will be
the WINNER...

Wednesday, March 7, 2012

මේවනෙ බිස්නස්....

දවසක් මම බස් එකේ යනකොට නිතරම දකින විදිහෙන් වෙනස් වුන වෙලෙන්දෙක් බස් එකට නැග්ගා. ඒ කිව්වෙ    බොහොම පිලිවෙලට ඇදගෙන,මිනිස්සුන්ගෙ  අවධානය ලබාගන්න පුළුවන් විදිහෙ කෙනක්.මේ කෙනාගෙ අතේ තිබුනා දෙකට නමලා තිබුන කොළ වගයක්.ටික වෙලාවකින් මේ වෙලෙන්දා ඒ කොළ ටික දිග ඇරගෙන කතා කරන්න පටන් ගත්තා.ඒ රූප කොළ, ඉස්කෝලෙට  එහෙම ඕන උනාම අපි ගිහින් කඩෙන් ගන්න එක එක විදිහෙ  රූප කොළ පහ ගානෙ එක set එකකට හදලා තිබුනා.එක එක රූප කොළේ අන්තර්ගත  කරුණු ගැන ලොකු විස්තරයක් කරල ඉවර උණා.ඒ වගේම ඒ වෙලාවෙ අතටම ගෙනත් දීපු කොළ set එක ගන්න එකේ වැදගත්කමත් ඒ කතාව කරන ගමන්ම අහගෙන හිටපු අයට කිව්වා. ඒ කොළයක් කඩේ රුපියල් පහයි කියලා මම දැනගෙන හිටියා. ඒත් මේ මනුස්සයා ටිකකින් කියනවා, මේ කොළයක් කඩේ රුපියල් විස්සයි, එතකොට මේ කොළ පහම කඩෙන් ගන්න ගියොත් රුපියල් සීයයි, ඒත් මම දෙන්නෙ රුපියල් පනහට මේ කොළ පහම කියලා.ඒක අහලා හැමදාමත් වගේ මේ ගැට වලට අහුවෙන පිරිසක්,ඒ කිව්වෙ දහ දෙනෙක් විතර මේ කොළ ගත්තා.
දැන් තමා මේවනෙ බිස්නස් කියලා හිතෙන්නෙ.....
මේ කෙනා මේ කොළ කඩේ ගානටම ගත්තා කියලා හිතුවොත් කොළ පහකට රු.25යි.ඒත් විකුණන්නෙ රු.50 ට.එතකොට එතන ලාබෙ රු.25යි. එක බස් එකකින් 10 දෙනෙක් ගත්තා කියලා හිතුවොත්, රු.250ක් ලාභය විදිහට ලැබෙනවා.මේ වගේ දවසකට බස් 25කට නැග්ගොත් (අවමය බස් 25) ලැබෙන ලාභය රු.6250. මාසෙකට දවස් 30ම මේ පුද්ගලයා මේ බිස්නස් එක කරනවනම් මාසෙ  අන්තිමේට ලාභය විදිහට රු.එක් ලක්ෂ අසූහත් දහස් පන්සියයක් ගන්න පුළුවන්.87,500 පැත්තකින් තිබ්බත් රු.ලක්ෂයක් ලාභය හම්බෙනවා....
 සමහරු මහන්සිවෙලා සාධාරණව පොඩියට බිස්නස් එකක් කරන් ගන්න පොඩි ගාන ගැන හිතුවම...
මේවනෙ දෙයියනේ බිස්නස් කියලා හිතෙනවා.....

Tuesday, March 6, 2012

මම....

මගෙ නොවෙන
මට දුන්න
මගෙ හීන
ගොඩගන්න
බර  අදින
වහලෙක්ද??

Sunday, January 22, 2012

ඇරයුමයි....

සොයනු වස්,
ඇත්ත බොරු,
උදේ රෑ හැම විටම,
hi මචං, how are you,
සැප සනීප,
අහන බලන,
පිටින් පෙනෙන,

හැම හොදක්ම,
උන් හැමගෙම,
හිතෙ ඇත්තෙද,
සොයා බලා,
මිතුරුකමද හතුරුකමද,
වෙන්කෙරුමට...
දියෙන් කිරි මෙන්...
හැක්කෙකුට,
ඇරයුමයි....
හදන්නට,
මීටරය....