Thursday, March 8, 2012

නිහැඩියාව...

මේක ගොඩක් දෙනෙක් විවිධ විදිහට අර්ථ දක්වන දෙයක්.ඒ වගේම ගැඹුරු අර්ථයක් ගැබ් වුණු වචනයක්.මම හිතන විදිහට නිහඩතාවය වෙලාවකට මිල කරන්න බැරි තරමේ ආශිර්වාදයක්.හිතට දුකක් දැනුනම, හිත කරදරෙන් ඉන්න වෙලාවට ගොඩක් දෙනෙක් තනියම ඉන්න කැමති කියලා කියන්නෙ ඒ නිහඩතාවය විදින ගමන් තමන්ගෙ හිත නිදහස් කරගන්න. ඒ වගේ වෙලාවට මේ නිහඩතාවය තමන්ගෙ හොදම යාළුවෙක් වගේ වෙනවා.
මම කැමතියි නිහඩතාවයට..ගොඩක්,මගේ සිතුවිලි නිදහසේ ගලා ගෙන යනවා.ඒ වගේම මේක දරා ගන්න බැරි තරමට මට දැනිලා තියෙනවා.ගොඩක් දේවල් හිතන්න, ඡීවිතේ දිහා ආපහු හැරිලා බලන්න,මතකයේ තියෙන සුන්දර දේවල් ආපහු ආවර්ඡනය කරන්න,මමයි නිහඩතාවයයි එකට එකතු උණාම මට පුළුවන්.මේ වගේ සිතුවිලිත් එක්ක ඡීවත් වෙන්න ගොඩක් වෙලාවට අපට ලැබෙන්නෙ බොහොම සුළු කාලයක් වෙන්න පුළුවන්,ඒත් පුදුමාකාර සුන්දරත්වයක් ඒ මොහොත ඇතුලතදි විදගන්න ලැබෙනවා.ඉඩක් ලැබුන වෙලාවක රෑ අහස දිහා ටික වෙලාවක් බලන් ඉදලා ඒ නිහැඩියාවට කන් දෙන්න උත්සාහ කරන්න. ඒ දැනෙන දේවල් අපේ සිතුවිලිත් එක්ක බද්ධ උණාම ගොඩක් අර්ථවත් දේවල්,සුන්දර දේවල් පරිකල්පනය කරන්න හැකියාව ලැබෙනවා.අනාගතයේ දවසක ඒ අර්ථවත් දේවල් යථාර්තයක් කරගන්නත් බොහෝ විට ඉඩ ලැබේවි.රාත්‍රිය ආශිර්වාදයක් නිහඩතාවයට ආදරය කරන කෙනෙක්ට, එයාගෙ ඡීවිතේ ක්‍රියාකාරී කාලය ගොඩක් වෙලාවට ආරම්භ වෙන්නෙ මේ රාත්‍රියේ තියෙන ගැඹුරු නිහඩතාවයේ අරුමැසිය විදින ගමන්.කැඩපතකින් තමන්ව දකිනවා වගේ නිහඩතාවය තුලින් තමන්ව දකින්න උත්සාහ කරන්න එක මොහොතකට,ඊට පස්සෙ තවත් තත්පරයක් අරගෙන හිතන්න,මේ ගැඹුරු නිහැඩියාව විදින ගමන් තමන්ගෙ ඡීවිතේ අර්ථවත් වෙනසක් ඇති කරන්න මේ මොහොතට පුළුවන් වෙයිද කියලා...තමන්ගෙ සිතුවිලි වදන් වලට හරවන්න අකමැති කෙනෙක් සමහරවිට ඒකත් කරාවි....

No comments:

Post a Comment