Wednesday, March 7, 2012

මේවනෙ බිස්නස්....

දවසක් මම බස් එකේ යනකොට නිතරම දකින විදිහෙන් වෙනස් වුන වෙලෙන්දෙක් බස් එකට නැග්ගා. ඒ කිව්වෙ    බොහොම පිලිවෙලට ඇදගෙන,මිනිස්සුන්ගෙ  අවධානය ලබාගන්න පුළුවන් විදිහෙ කෙනක්.මේ කෙනාගෙ අතේ තිබුනා දෙකට නමලා තිබුන කොළ වගයක්.ටික වෙලාවකින් මේ වෙලෙන්දා ඒ කොළ ටික දිග ඇරගෙන කතා කරන්න පටන් ගත්තා.ඒ රූප කොළ, ඉස්කෝලෙට  එහෙම ඕන උනාම අපි ගිහින් කඩෙන් ගන්න එක එක විදිහෙ  රූප කොළ පහ ගානෙ එක set එකකට හදලා තිබුනා.එක එක රූප කොළේ අන්තර්ගත  කරුණු ගැන ලොකු විස්තරයක් කරල ඉවර උණා.ඒ වගේම ඒ වෙලාවෙ අතටම ගෙනත් දීපු කොළ set එක ගන්න එකේ වැදගත්කමත් ඒ කතාව කරන ගමන්ම අහගෙන හිටපු අයට කිව්වා. ඒ කොළයක් කඩේ රුපියල් පහයි කියලා මම දැනගෙන හිටියා. ඒත් මේ මනුස්සයා ටිකකින් කියනවා, මේ කොළයක් කඩේ රුපියල් විස්සයි, එතකොට මේ කොළ පහම කඩෙන් ගන්න ගියොත් රුපියල් සීයයි, ඒත් මම දෙන්නෙ රුපියල් පනහට මේ කොළ පහම කියලා.ඒක අහලා හැමදාමත් වගේ මේ ගැට වලට අහුවෙන පිරිසක්,ඒ කිව්වෙ දහ දෙනෙක් විතර මේ කොළ ගත්තා.
දැන් තමා මේවනෙ බිස්නස් කියලා හිතෙන්නෙ.....
මේ කෙනා මේ කොළ කඩේ ගානටම ගත්තා කියලා හිතුවොත් කොළ පහකට රු.25යි.ඒත් විකුණන්නෙ රු.50 ට.එතකොට එතන ලාබෙ රු.25යි. එක බස් එකකින් 10 දෙනෙක් ගත්තා කියලා හිතුවොත්, රු.250ක් ලාභය විදිහට ලැබෙනවා.මේ වගේ දවසකට බස් 25කට නැග්ගොත් (අවමය බස් 25) ලැබෙන ලාභය රු.6250. මාසෙකට දවස් 30ම මේ පුද්ගලයා මේ බිස්නස් එක කරනවනම් මාසෙ  අන්තිමේට ලාභය විදිහට රු.එක් ලක්ෂ අසූහත් දහස් පන්සියයක් ගන්න පුළුවන්.87,500 පැත්තකින් තිබ්බත් රු.ලක්ෂයක් ලාභය හම්බෙනවා....
 සමහරු මහන්සිවෙලා සාධාරණව පොඩියට බිස්නස් එකක් කරන් ගන්න පොඩි ගාන ගැන හිතුවම...
මේවනෙ දෙයියනේ බිස්නස් කියලා හිතෙනවා.....

2 comments:

  1. සාධාරණව පොඩියට බිස්නස් එකක් කරන් ගන්න පොඩි ගාන ඒ හැම දේටම වඩා වටිනවා.. ඉක්මනට උඩ ගියා වගේම වැටෙන්නෙත් ඒ වගේමයි..

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත.ඒත් අසාධරණ විදිහට බිස්නස් කරන සමරුන්ටත් හරියන වෙලාවල් තියනවා.

      Delete